ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඞ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය.
තමන්ට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධධිකරණණය හමුවේ පැවසු අවස්ථාවේදී නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරරීමට විනිසුරුවරයා තීරණය කළේය.
මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මීට පෙර අවස්ථාවක ප්රතික්ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කෙරිණී.
2019 ඔක්තෝම්බර් 10 වැනිදාත් 2019 නොවැම්බර් 11 වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම, මෙන්ම එම මාධ්‍ය සාකච්ඡුාවේදීම කොටි නායක වේලූපිල්ලේ ප්රභාකරන් සතුව තිබී හමුදා බාරයට ගත් රත්තරං තොගයක් ගේඨාභය රාජපක්ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතු`ථ චෝදනා නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.