චීවරධාරියෙකුගෙන් රියදුරෙකුට ප්‍රහාරයක්
වරිපනම් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මහරගම නගර සභාවේ නිලධාරිනියක් පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් නිලධාරිනිය ගමන් කල ත්‍රිරෝද රථයේ රියදුරුට එහි චීවරධාරියෙත් පොල්ලකින් කළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇතැයි මහරගම පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇතැයි පොලිසිය කියයි .
මහරගම නගර සභා බල සීමාවේ පිහිටි මෙම විහාරස්ථානයෙන් නගර සභාවට අයවිය යුතු වරිපනම් බදු රුපියල් හතලිස් හත් දහසක මුදලක් ගෙවීමේ සිහිකැඳවීමක් ලබාදීම සඳහා වරිපනම් අංශයේ නිලධාරිනියක් ත්‍රිරෝද රථයකින් විහාරස්ථානයට ගොස් තිබුණි .
එහිදී වරිපනම් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් විහාරස්ථානයේ රැඳී සිටි චීවරධාරියෙකුට කරුණු පැහැදිලි කරන අවස්ථාවේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරු චීවරධාරියාට විරෝධය පළ කර තිබේ .
පසුව චීවරධාරියා ත්‍රීරෝද රථ රියදුරු හා නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති වී එක්වරම පොල්ලක් රැගෙන ත්‍රීරෝද රථ රියදුරුට පහර දී ඇති අතර එය පාලනය කිරීමේදී රියදුරුගේ දෙ අත් වලට තුවාල සිදුව ඇති බව පොලීසිය කියයි .
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හෙට (16) දා දෙපාර්ශ්වය පොලිසියට පැමිණිල්ල විභාග කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකය .ෙ
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
-
හාමල්ලී Tuesday, 15 February 2022 12:25 PM
චීවරධාරියා කියමින් අපහාස කිරීම සුදුසුද.ඇත්තටම මෙහිදී බල්ලගෙ වැඩේ කරන්න ගිය බූරුවා ගුටිකාලා තියෙනවා .රියදුරෙකුට අයිතියක් නැති දෙයක් කලබව පේනවා කොහොමත් නගර සභාවල ඉන්නෙ අං තියෙන අශ්වයෝ කියලා එවැනි තැනක වසර ගණනක් මාණ්ඩලික මට්ටමේ රාජකාරි කල අයෙක් ලෙසට කියන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

