නව කොරොනා වසංගතය පැතිරයාමෙන් පසු, චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහාය වී ඇති බවත් සාම්ප්‍රදායික මිත්‍රත්වය උත්කෘෂ්ට තලයකට පැමිණ ඇති බවත් චීන ජනපති ෂී ජින්පින් මහතා පවසයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ බව ප්‍රකාශ කළේ කළේ චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ සහල් රබර් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සර සමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ විසින් පවත්වන ලද සම්මේලනය වෙනුවෙන් වෙත සුබපැතුම් ලිපියක් යොමුකරමිනි.
වසර 70කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව බාධක රැසක් මැඩගෙන ඓතිහාසික සහල් රබර් ගිවිසුමට අත්සන් තැබූ බවත්, දෙරට අතර මිත්‍රශීලී හුවමාරු සඳහා දොරටු විවර කළ බවත් ෂී ජින් පිං මහතා පැවසීය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස ගනිමින්, චීන - ශ්‍රී ලංකා සබඳතාවල ස්ථාවර සංවර්ධනයට සහ කලාපීය සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂ සමඟ ඒකාබද්ධව ප්රයත්න දැරීමට චීන කොමියුනිස්ට් පක්ෂය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.