ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන් මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ඊයේ (27දා) මහනුවර සංචාරයක නිරතවීමට නියමිතව තිබුණත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා හදිසියේම එම සංචාරය අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි.
චීන තානාපති චී චෙන්හොන් මහතා ඊයේ පස්වරු 04.30 ට මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිබුණ අතර ඉන්දියානු මහකොමසාකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පස්වරු 03.30 ට මල්වතු අස්ගිරි මහා විහාරයන් හි මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් ඉන්දියානු මහකොමසාරිස්වරයා හදිසියේම එම ගමන නවතා දැමීමට පියවර ගෙන තිබුණි . මේ සම්බන්ධයෙන් මහනුවර ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ මහනුවර සංචාරය අවලංගු කිරීමට පියවර ගත් බවයි.
ෂේන් සෙනෙවිරත්න