චීන සයිබර් අපරාධකරුවන් දෙන්නෙක් අල්ලයි
මෙරට තුළ පරිගණක අපරාධ සිදු කරමින් මූල්‍ය වංචා සිදු කිරීමට අවශ්‍ය , රුපියල් පනස් ලක්ෂ තිස් දහසක් වටිනා , භාවිතා කරන ලද " ඇපල්" වර්ගයේ ජංගම දුරකථන , චීනයේ නිෂ්පාදිත දුම්වැටි සහ චීන පැණි පුවක් ( Chinese Pani Puwak ) තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටි , චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු 04/10 ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 31 වැනි වියේ පසුවන චීන ජාතික කාන්තාවක සහ පිරිමියෙකි.ඔවුන් 04/10 දින අලූයම 01.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ " ඇපල්" වර්ගයේ භාවිතා කරන ලද ජංගම දුරකථන 84 ක් , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් සහ චීන පැණි පුවක් කිලෝ ග්‍රෑම් 40 ක් බරැති පැකැට් 400 ක් ද සගවා ගෙන තිබුණි .
මොවුන් පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ මේ පිළිබද විමර්ශන සිදු කෙරෙන අංශ වෙත අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
