චීන විදෙස් ඇමති එක්දින සංචාරයකට ලංකාවට එයි
චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ( Wang Yi ) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා 01/12 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස 01/12 දින අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් ( Durban ) නුවර සිට චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග්( Qi Zhenhong ) මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව , ඕෂනියාව භාර අධ්යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ මහත්මිය ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස 01/12 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතය .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
