‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් එකසිය තිස් තුන් දෙනකු රැගත් රට අභ්‍යන්තර චීන මගී ගුවන් යානයක් කඩා වැටුණි. බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගුවන්ෂි පළාතේ වූසෝ නගරයට නුදුරින් කඩා වැටුණු බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ. ගුවන් යානය කන්දක හැපී විනාශ වී ඇතැයි ද පැවැසේ.
යානය අනතුරට පත්වූයේ කෙසේදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර මෙම සිදුවීම සම්බන්ධව පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.