චීන පී.සී.ආර්. යන්ත්‍රයේ පරීක්ෂණය සාර්ථකයි
තාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එම යන්ත්‍රය අද දිනයේ සිට ක්‍රමයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතය.
එසේම යන්ත්‍රය ස්ථාපිත කර ඇති රසායනාගාරයද පරීක්ෂා කළ බව තානාපති කාර්යාලය නිවෙදනය කරයි.
යන්ත්‍රයේ දෝෂයක් ඇතිවීමෙන් පසුව එය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ඉල්ලීම අනුව චීන තාක්ෂණක කණ්ඩායමක් ඉතාමත් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.


popular news
-
Keruwawa Monday, 02 November 2020 07:09 PM
අයිඩීඑච් රෝහලේ ප්‍රධාන PCR යන්ත්‍රය අක්‍රිය වීමට හේතුව එය තබා ඇති මේසයේ ඇදයක් බව මැෂිම රෙපයාර් කරන්න චීනයේ සිට ආ චීනා පැවසූ බව ආණ්ඩුව පසෙක සිටියදී කීවේ චීන තානාපති කාර්යාලය ය. චීනාගේ කතාවත් දේශීය ඒජන්තයාගේ හැසිරීමත් සැක සහිත බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට ලිපියක් යවමින් පවසයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

