දිවයිනට පැමිණි Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කළේය.
එසේම අදාළ පර්යේෂණ කටයුතු හෙට (31) දිනයේද සිදු කිරීමට නියමිතව තිබේ. මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
නාරා ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු මේ පරීක්ෂණ සඳහා එක්ව සිටියි. මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳව මෙහිදී පරීක්ෂණ සිදුකරයි.