චීන නැවට හම්බන්තොටට එන්න අවසර
චීනයේ යුවාන් වැංග් හම්බන්තොට වරායට පැමිණීමට විරුද්ධ වීමට ඉන්දියාව හා ඇමෙරිකාව නිශ්චිත හේතු ඉදිරිපත් කිරීමට අපෙහොසත්වීම හේතුවෙන් එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඊයේ (12දා) අවසර ලබා දී ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව එම නෞකාව එළැඹෙන 16 දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබේ. ඒ් එම නෞකාව මුලින්ම අගෝස්තු 11 දා ලංකාවට පැමිණීමට තිබූ දිනට වඩා දින පහක් ප්‍රමාදවය.
මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් පළ කිරීම හේතුවෙන් එය හම්බන්තොටට පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකා රජය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය හා අතර පැවැති හමුවේදී නෞකාව පැමිණීමට විරුද්ධ මන්දැයි ස්ථිර හේතු සඳහන් කරන ලෙස තානාපතිනියගෙන් ඉල්ලා තිබේ. එසේම විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාද ඉන්දීය රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ට දන්වා තිබුණේ නෞකාව පැමිණීමට විරුද්ධ හේතු කවරේදැයි දැනුම් දෙන ලෙසයි.
දෙපාර්ශ්වයම පිළිගත් හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් චීන නෞකාවට ලංකාවට පැමිණීමට අවසර ලබා දී ඇත. මේ අනුව යාත්රාටව නැංගුරම් ලෑම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී ඇත.
මේ අතර, නැවට ලංකාවට පැමිණිමට ඉඩ ලබා නොදුන හොත් රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රජයට දන්වා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.
popular news
-
K, Ranaweera Saturday, 13 August 2022 05:35 AM
Sri Lanka has no other option but bow down to the decrees of China.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

