විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් පවත්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණ.
ආරම්භයේදීම, විදේශ අමාත්‍යවරයාගේ නව පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ තානාපති ෂෙන්හොන්ග් මහතා රාජ්‍ය මන්ත්‍රණ සභික සහ චීනයේ විදේශ අමාත්‍ය වැංග් මහතාගේ සුබපැතුම් පණිවුඩය ද භාර දුන්නේය.
ශ්‍රී ලංකාව සහ චීනය දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සහ ආර්ථික සබඳතා සහිත සාම්ප්‍රදායික මිත්‍ර රටවල් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රජයන් අතර සහ ජනතාවන් අතර පවත්නා සම්බන්ධතා ඇතුළු ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව දෙපාර්ශ්වයම ඉමහත් තෘප්තිය පළ කළහ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම හමුව සඳහා සහභාගී විය.
