ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ මෙම හමුව පවත්වා තිබේ. එහිදී ද්විපාර්ශ්වීය හුවමාරුව හා සහයෝගිතාව සම්බන්ධයෙන් මෙන්ම රටවල් දෙකටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් මාතෘකා ගැන සාකච්ඡා පැවැත්වූ බව චීන තානාපති කාර්යාලය පවසයි.
