චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ උතුරු කොරියාවේ නිල රාජ්ය සංචාරයකට එක්වීමට නියමිතය. චීන ජනපතිවරයා යළිත් උතුරු කොරියා සංචාරයක් ආරම්භ කරන්නේ වසර 7කට පසුව වෙයි.
උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ ආරාධනාවක් අනුව ෂී ජින්පින් මෙම සංචාරයට ඒක්වෙයි. බීජිං හි දී ෂී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමෙන් සති කිහිපයකට පසුව මෙම සංචාරය සිදු වේ.
චීනය උතුරු කොරියාවේ ප්රධාන ආර්ථික හා දේශපාලන හවුල්කරුවෙකු වෙයි. චීනය සහ උතුරු කොරියාව කිලෝමීටර් 1,400 ක් දිග දේශ සීමාවක් බෙදා ගන්නා අතර චීනය ඕනෑම රටක් සමඟ ඇති එකම ආරක්ෂක ගිවිසුම මගින් බැඳී සිටී.