2025 වසර සඳහා ලොව විශාලම වෙළඳ අතිරික්තය වාර්තා කිරීමට චීනය සමත්ව ඇති බව සිය අපනයන හා ආනයන ඉලක්ක ප්‍රකාශයට පත් කරමින් චීනය නිවේදනය කරයි. චීනයේ වෙළඳ අතිරික්තය ඩොලර් ට්‍රිලියන 1.19ක් බවට පත්ව ඇති අතර එය ඩොලර් ට්‍රිලියනයක අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි.
2024 දී චීනයේ වෙළඳ අතිරික්තය ඩොලර් බිලියන 993 ක් විය. චීනයේ මාසික අපනයන අතිරික්තය පසුගිය වසරේ හත් වතාවක් ඩොලර් බිලියන 100 ඉක්මවා ගියේය.
ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම චීනයේ වෙළඳාමට දැඩි බලපෑමක් කරන බවක් පෙනෙන්නට නොමැති බව දත්ත අනුව පැහැදිලි පෙනෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.