චීනය, රුසියාව ඇතුළු රටවල් 31ක් ලංකාවට පක්ෂ වෙයි
මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අදහස් දැක්වූ රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙමින් අදහස් පළ කළ බව විදේශ කටයතු අමාත්‍යාංශය පවසයි.
දකුණු, අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ සහ අප්‍රිකානු සමූහයේ පුළුල් පරාසයක රාජ්‍යවලින් ශ්‍රී ලංකාවට සහය ලැබුණි. සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුස්, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානය ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළ රටවල් 31 වෙයි.
කොවිඩ්-19 වසංගතය ආශ්රිත අභියෝග පැවතිය ද, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළු ජාතික ක්‍රියාදාමයන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ මේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගෝලීය දකුණේ රාජ්‍යන්ගේ මැදිහත්වීම් මගින් පැසසුමට ලක් විය.
මානව හිමිකම් කවුන්සිලයේ සහ ජාත්‍යන්තර ප්‍රජාව ස්වේච්ඡා ජාතික ක්‍රියාවලීන්ට සහය දීමේ වැදගත්කම මෙන්ම අපක්ෂපාතීත්වය, තෝරා නොගැනීම සහ දේශපාලනීකරණය නොකිරීම යන මූලික මූලධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.
popular news
-
Demuni Uduwara Wednesday, 09 March 2022 01:27 AM
Those countries should visit Sri Lanka, materially to witness the reality!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

