ශ්රී ලංකාව මේ වන විට ගෙවමින් තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ චීනය ශ්රී ලංකාවට ලබදෙන සහාය සම්බන්ධයෙන් ස්තූතිය ප්රකාශ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
තම උපන්දිනය වෙනුවෙන් උපන්දින සුබ පැතුම් එක්කල චීන ජනපති ෂි ජින්පින් මහතා වෙත සිය ට්විටර් ගිණුම හරහා ස්තුතිය ප්රකාශ කිරීමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම චීන - ශ්රී ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට යනු ඇතැයිද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
