ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000ට අදාළව තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රැගත් කොස්කෝ සමාගමට අයත් ෂින් හොං කොං නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණි අතර ඒ තුළ කිලෝ 10 බැගින් අඩංගු සහල් පැකට් 100000ක් තිබූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
මෙම සහල් මෙට්‍රික් ටොන් 1000 ද සමගින් ජුනි මාසයේ සිට චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9000ක් දක්වා වර්ධනය විය.