චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව Enoxaparin Sodium Injection නැමති ඖෂධයේ සිලින්ජර 256320ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. චීනය මෙම ඖෂධයෙන් සිලින්ජර 512 640ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.
මෙම පරිත්‍යාගයේ වටිනාකම චීන යුවාන් මිලියන 10ක් පමණ වන අතර චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ආධාරය යටතේ මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකාවට ගෙන එයි.
මෙම සම්පුර්ණ සිලින්ජර සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවය මාස 6කට සම්පූර්ණ කිරීමට සමත්වෙන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාගැනිම වෙනුවෙන් බීජින් හා කොළඹ අතර අඛණ්ඩව සම්බන්ධතාව ගොඩනගන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.