චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මග හරවා ගැනීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය චීනය විසින් සිදුකරයි.
මෙම ඖෂධ තොගයත් සමග චීනය විසින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 1.8ක වටිනා ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මීට පෙර චීනය විසින් පරිත්‍යාග කළ ඖෂධ තොග ජුනි මාසයේදී හා සැප්තැම්බර් මාසයේදී දිවයිනට රැගෙන ආවේය.
නව ඖෂධ තොගය රැගත් ගූවන් යානා දෙක චීනයේ චෙංග්ඩු ගුවන් තොටුපොළින් මේ වන විට ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.



