ශ්රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබාදෙන මානුෂීය ආධාර යටතේ ලබාදෙන සහල් වලින් පළමු තොගය එළැඹෙන 25දා ශ්රී ලංකාවට ළඟාවීමට නියමිත බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්රී ලංකාව වෙත යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර ලබාදෙන බව චීනය මේ වන විටත් ප්රකාශයට පත්කර ඇති අතර ඒ යටතේ ලබාදුන් ඖෂධ තොගයක්ද පසුගියදා ශ්රී ලංකාවට රැගෙන ආවේය.
සහල් මෙට්රික් ටොන් 10000ක් චීනය විසන් ශ්රී ලංකාවට ලබාදීමට නියමිත අතර එය කාණ්ඩ 6ක් යටතේ ශ්රී ලංකාවට ගෙන එයි. ඒ අතරින් පළමු කාණ්ඩය මෙසේ ජුනි 25 දා ශ්රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. දෙවැනි කාණ්ඩය ජුනි 30දා ශ්රී ලංකාවට ගෙන එයි.
මෙම සහල් තොග ශ්රී ලංකාවේ පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

