චීනය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරෙක් බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර තුළ පෙනී සිටින බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසිය. අද (22දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"චීනය අපිට ඉතාමත්ම වැදගත්. ඔවුන් අපිට ඓතිහාසික මිතුරෙක්. ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපේ ආරක්ෂාව වෙනුවෙන් අප වෙනුවෙන් පෙනි ඉදලා තියෙනවා. යුද්ධය අවසන් කාලයේදී ආයුධ සපයලා මහා දුර්ධාන්ත ත්‍රස්තවාදි උවදුර තැනි කිරිමට අපිට පහසුකම් දුන්නා. ඔවුන් එක්ක අපි සමීව කටයුතු කරන්න ඕන. අපි සියලු දෙනා සමගම බැඳිලා කටයුතු කළ යුතුයි."