ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ඉන්දියාවේ හා චීනයේ මූල්‍ය සහතික ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා මහ බැංක අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන මූල්‍යමය පහසුකම ලබාගැනීමට නමි ශ්‍රි ලංකාව තම ණය තිසරභාවයක් ඇති කර ගත යුතු අතරම ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමද අවශ්‍ය වෙයි.
ශ්‍රී ලංකාවේ විශාලම ණය හිමියන් බවට පත්ව ඇති චීනය, ඉන්දියාව හා ජපානය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා ශ්‍රි ලංකාව පසුගිය මාස කිහිපය තුළ සිට සාකච්ඡා කරමින් පසුවෙයි.
“ අපගේ ණය හිමියන් සමග අපට බෙදා ගත හැකි සියලුම තොරතුරු අපි මේ වන විට බෙදාගෙන තිබෙනවා. දැන් ඔවුන් එය බලන්න ඕන. ඔවුන් තමන්ගේ තීරණ ගෙන අපිට ඉක්මනින්නම දන්වවි කියා බලාපොරොත්තු වෙනවා” යැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.
මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව කෙටිකාලීනව ණය ලබාගැනීමට උත්සාහ කළත් ඒවාද අසාර්ථක විය. කෙසේ වෙතත් එම පහසුකම් නොමැතිව ශ්‍රී ලංකාව මේ වන විට යම් කළමණාකරණය කර ගත හැකි මට්ටමට පැමිණ ඇති බවද ඔහු සදහන් කළේය.
අපනයන, විදෙස් ශ්‍රමික ප්‍රේෂණ, හා ආසියාන සංවර්ධන බැංකුවේ මෙන්ම ලෝක බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදය ජූලි මාසයෙ සිට කළමනාකරණය කර ගනිමින් සිටින බව ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ණය අර්බුදයෙන් මිදීම සඳහා දිගුකාලීන සහන ණය ලබාගැනීමඅට අපේක්ෂා කරන බව අධිපරතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ලබන වසර හය තුළ වසරකට ඩොලර් බිලියන 6ක පමණ මුදලක් ණය සේවා කරණය වෙනුවෙන් වෙන් කිරීමට සිදුව තිබේ.
“ අපි අපේ ණය හිමියන්ගෙන් යම් සහනයක් බලාපොරොත්තු වෙනවා. අපිට තිබෙන ණය ඊළඟ වසර 4 -5 තුළ ගෙවනවා වෙනුවට අපි වසර 20කින් ණය ගෙවනවා.”
ශ්‍රී ලංකාව ලබාගත් විදේශීය ණය අපනයනය වැඩි කිරීම, ධාරිතාව වැඩි කිරීම වැනි කරුණුවලට භාවිත නොකරන දේශීය වශයෙන් භාවිත කිරීම ගැටලුවක් වූ බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.