ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම තනි සෘජු විදේශ ආයෝජනය සිදුකරමින් හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන් චීනයේ සීනෝපෙක් සමාගම සූදානම් වෙයි. මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙයි.
මේ සඳහා වන ගිවිසුම් කටයුතු ඉදිරි සති දෙක තුළදි අවසන් කිරිමට නියමිතව තිබේ.
මීට පෙර, තවත් චීන ආයෝජනයක් වූ Colombo Port City ශ්‍රී ලංකාවේ විශාලතම තනි සෘජු විදේශ ආයෝජනය ලෙස පැවැතුණි. සිනොපෙක් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආයෝජනයක් කරනු ඇති නමුත් පිරිපහදුවෙහි අනෙකුත් ආශ්රිත වර්ධනයන් සඳහා වැඩි මුදලක් පසුව ආයෝජනය කිරීමටද නියමිතය.
පසුගිය සතියේ චීන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිනෝපෙක් සමූහයේ සභාපති Ma Yongsheng සහ ඉහළ විධායක නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
සිනෝපෙක් සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ඇතුළු වී ඇත.
තෙල් පිරිපහදුව වෙනුවෙන් සිංගප්පූරුවේ විටෝල් සමාගම තරග කළත් පසුව ඔවුන් ඉවත් වූ අතර සිනෝපෙක් සමාගමට ව්‍යාපෘතිය හිමිවිය.