චීනයේ සිංහල - දමිළ අලුත් අවුරුදු සැමරුම

නවෝද්‍යා පවනි (චීනයේ බෙයිජිං නුවර සිට)
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කෙරුණු සිංහල දමිළ අවුරුදු සැමරුම් උත්සවය අද(16දා) සිදු කෙරුණි. චීනයේ බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණි.
චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සිංහල දමිළ අලුත් අවුරුදු සැමරුම සඳහා චීනයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ. එමෙන්ම තානාපති කාර්යාල නිලධාරීන්, චීනයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් මෙන්ම චීන ජාතිකයින් ද මේ සඳහා සහභාගි වී සිටියහ.
මෙහිදී සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සංකේතවත් කළ අතර, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කැවිලි වර්ග ද සූදානම් කර තිබුණි. ජන ක්‍රීඩා මෙන්ම අලුත් අවුරුදු උත්සව වලට ආවේණික ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබූ අතර, ජයග්රාහකයින්ට ත්‍යාග පිරිනැමීම චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා ඇතුළු ආරාධිතයින් අතින් සිදුවිය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

