චීනයේ විශාලම පෙට්රා්ලියම් සමාගම ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදනම්
චීනයේ විශාලතම පෙට්රෝ රසායනික සමාගම වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
තෙල් නිපදවන රටවලට තවත් සමාගම්වලට තෙල් ආනයනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ සිල්ලර මෙහෙයුම් ආරම්භ කිරීමට අවසර දීමේ යෝජනාවක් ජුනි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උග්‍ර විදේශ විනිමය හිඟයක් හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසිනි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමෙන් සියයට 90ක් රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා වන අතර ඉතිරි සියයට 10 ලංකා අයිඕසී විසින් සපයයි..
සිනොපෙක් තෙල් ගබඩාවක් හම්බන්තොට වරායේ දැනටමත් පවතී. හම්බන්තොට ටැංකි සංකීර්ණයට 2020 අප්‍රේල් මාසයේදී Lloyd's Register විසින් FSS සහතිකය (සේවා සඳහා යෝග්‍යතාවය) නිකුත් කරන ලදී.
ඩේලිමිරර් ඇසුරෙනි
popular news
-
දාස Monday, 08 August 2022 04:00 AM
ඔයවගේ මිනිස්සු පිනවන ප්‍රවෘති දැකල අපිට එපාවෙලා තියෙන්නෙ , අරව එනව මේව එනව කියල දානව , නමුත් වෙනදෙයක් නැ. දේශ පාලකයො වගේ ඔගොල්ලොත් කරන්නෙ මිනිස්සු අන්දන එක.
Reply : 0 0
දාස Monday, 08 August 2022 04:00 AM
ඔයවගේ මිනිස්සු පිනවන ප්‍රවෘති දැකල අපිට එපාවෙලා තියෙන්නෙ , අරව එනව මේව එනව කියල දානව , නමුත් වෙනදෙයක් නැ. දේශ පාලකයො වගේ ඔගොල්ලොත් කරන්නෙ මිනිස්සු අන්දන එක.
Reply : 0 0
චේතිය Monday, 08 August 2022 07:05 AM
මේ අලස්ගේ බොරුය , සතේ අතේ නැති රටට එන්නෙ කොන්ඩෙ බැදපු චීනුන්ය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

