ශ්‍රී ලංකාවේ මූල්‍යකරණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (ජනවාරි 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දන්වා සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් වන දැනුම් දීම චීනය විසින් ලිපයක් මගින් ජාත්‍යන්තර මූලය අරමුදල වෙත දන්වා සිටිනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඉන්දියාව ශක්තිමත් ලෙස සහයෝගය ලබාදෙන බවට ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා සිටීමෙන් පසුව චීනයද සිය ස්ථාවරය මෙසේ දන්වා සිටීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට ඒකග වී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමක් අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දන්වා තිබේ. මෙහිදි ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වැඩි කොටසකට හිමිකම් කියන චීනය, ඉන්දියා හා ජපානයේ ස්ථාවරය වඩාත් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.
චීනයේ මූල්‍ය සහතිකය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා සිකුරාදා (ජනවාරි 20) රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබුණේ චීනය සමග කරන සාකච්ඡා අවසන් අදියරෙ පවතින බවයි.
“සාකච්ඡාවල රහස්‍යභාවය නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පිළිබඳ විස්තර ලබා දීම අපහසුයි. කෙසේ වෙතත්, චීනය සමඟ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව අපට පැවසිය හැකියි. ඉදිරි දින කිහිපය තුළ ඔවුන්ගේ සහතිකය ලැබෙතැයි අපේක්ෂා කරනවා."