චීනයේ පාසල් කටයුුතු ක්‍රමයෙන් අරඹයි
කොවිඩ් 19 වයිරසය පාලනය කිරීමෙන් පසුව චීනය ක්‍රමයෙන් සිය දෛනික ජීවිතයේ කටයුතු ආරම්භ කරමින් පවතින අතර ඒ අනුව අධ්‍යාපන කටයුතුද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
මේ අනුව උසස් අධ්‍යාපනය ලබන සිසුන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.
ෂැංහයි හි මධ්‍යම හා උසස් පාසලේ අවසන් වසරවල සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කළ අතර බීජිනය ජූලි මාසයේ චීනයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වන සිසුන්ට නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය.
චීනයේ වෙනත් ප්‍රදේශවල පාසල් සති කිහිපයකට පෙර නැවත විවෘත විය.වුහාන් මැයි 6 වන දින සිට උසස් පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වේ.
රෝගය පැතිරීම බොහෝ දුරට වළක්වා ඇති බව රට පවසයි. චීනයෙන් සිකුරාදා සිට තහවුරු වූ රෝගීන් 26 ක වැඩිවීමක් වාර්තා වී ඇති අතර එය මුළු ආසාදිත සංඛ්‍යාව 82,830 කි.

popular news
-
ළදරු අවදියේ ඉදිමින් Tuesday, 28 April 2020 04:02 AM
දැනට වසංගතය පැතිරීම තමන්ගේ පාලනයට ගෙන ඇති රටවල් 10ක් පමණ ඇත. -දකුණු කොරියාව - ඔස්ට්‍රේලියාව - ඔස්ටියව - වියට්නාමය - ජර්මනිය - ස්විට්සර්ලන්තය - මැලේසියාව - තායිලන්තය - තායිවානය - හොන්කොන් මීට අමතරව ගතවූ දින කීපයේ දත්ත අනුව ඉතාලියද තම සක්ක්‍රිය අසදිතයන්ගේ ගන්නේ උපයිමයට පැමිණි බවක් පෙන්වයි. ඔවුන් ගේ සක්‍රිය ගණන අඩු වීමේ ලන්ෂණ දක්වා ඇත. නොබෝ කලකින් නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් ඇරබීමට සාකච්චා අරාබ ඇත. අපි වසංගතයේ ළදරු අවදියේ ඉදිමින් ඉහල පහල යන අගයන් පිළිබද දැඩි උද්දාමයකින් අනිත් රටවල් වලට පරිබව කිරීම කල අතර අපි මෙන් රෝගීන් සන්ක්යාවක් වාර්තාවූ ආර්ථික මය වශයෙන් සංවර්දිත නොවූ වියට්නාමය ඉතාමත් සාර්ථකව නිවැරදි දැක්මක් යටතේ රෝගය පසුගිය සති දෙක තුලදීම පාලනය කර ඇතිබව ඔප්පුකර ඇතිමුත් පාලනයකින් යුක්තව එදිනෙද කටයුතු ක්යම්තක් දුරකට කිරීමට අරාබ ඇත.
Reply : 0 0
පළමුව කොරෝනා Tuesday, 28 April 2020 04:10 AM
පළමුව කොරෝනා පිළිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයට අනුව හැසිරවීමත් අනිල් ජාසිංහ, ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට පවසන තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයෙන් සංස්කරණය කොට ලබා දීමත් නතර කළ යුතුය. ජනතාවට ගෝඨාභයගේ බොරු ජාසිංහගේ හෝ සිල්වාගේ කටින් ඇසීම මගින් සෙතක් සිදුනොවේ. මේ වන විට ලංකාවට ලැබී ඇති රුපියල් බිලියනයකට ආසන්න ආධාර මුදල් මගින් SARS-CoV-2 2019 විනාඩි 15 වේ පරීක්ෂණ කට්ටල මිලියන 2.5 ක් වත් ලංකාවට ගෙන ආ යුතුය. එනම් ලංකාවේ ජනගහනයෙන් සියයට 10% වත් ජනතාව ප්‍රතිශතයක් ලෙස බහුලව ජීවත් වන ප්‍රදේශවල සිදු කළ යුතුව ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

