චීනයේ ප්‍රධානම සමාගම් ද්විත්වයක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.
සිනෝපෙක් සමාගම පෙට්‍රෝලියම් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන සමාගමක් වන අතර චයිනා මර්චන්ට් සමාගම වරාය හා කාර්මික් උද්‍යාන ක්ෂේත්‍ර යේ ප්‍රධාන සමාගමක් වෙයි.
ශ්‍රී ලංකාව තුළ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්රය තුළ ආයෝජනය කිරීමට සිනෝපෙක් සමාගම අවධානය යොමුකර තිබේ. එම සමාගම ලෝකයේ ඉහළින්ම සිටින සමාගම් 500 අතර පස්වැනි ස්ථානයට (2022) පත්ව තිබේ. චයිනා මර්චන්ට් සමාගම එම ලැයිස්තුවේ 152 වැනි ස්තානයේ පසුවෙයි.