සමස්ත ලෝක ආර්ථිකයේ ප්රකෘතියමත් වීම මන්දගාමීව සිදුවෙද්දීත්, චීන ආර්ථිකය ධනාත්මක ගම්‍යතාවක් පෙන්නුම් කරමින් ගෝලීය සංවර්ධනයට වාසිදායක වර්ධනයක් ලබා දී ඇතැයි ලෝක බැංකු අධිපති ඩේවිඩ් මැල්පාස් මහතා කියාසිටී. ඔහු වොෂින්ටනයේ දී මේ බව පැවසීය.
ඉකුත් දෙසැම්බර් මාසයේ චීනයට ගිය අවස්ථාවේ දී, රටේ වැඩිදියුණු කරන ලද වසංගත පාලන ප්‍රතිපත්ති මගින් මෙහෙයවනු ලබන ආර්ථිකයේ ප්රකෘතිමත්බව සියැසින් දුටු බව ඩේවිඩ් මැල්පාස් මහතා පැවසීය. චීන ආර්ථිකය 2022 වසරේ දී 3% සිට 2023 දී 5.1% ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෝක බැංකු අධිපතිවරයා මෙම සතිය මුල දී පවසා තිබුණේ චීනයේ පුද්ගලික ආයෝජන ශක්තිමත්ව පවතින අතර, මුදල් ප්‍රතිපත්තිය නිසි අයුරින් සැකසීමට ද ඉඩ ඇති බවයි. චීන රජය විශේෂයෙන් සෞඛ්‍ය සේවා සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය දිරිමත් කරයි. චීනයේ ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම හේතුවෙන්, ලෝක බැංකුව 2023 වසර සඳහා වන සිය ගෝලීය වර්ධන පුරෝකථනය ජනවාරි මාසයේ දී පැවති 1.7 % සිට 2% දක්වා ඉහළ නංවා ඇතැයි ද ඩේවිඩ් මැල්පාස් මහතා පෙන්වා දුන්නේය.
අරෝෂා සමරදිවාකර