ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් සහය ලබා දී ඇති බවත් චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මහතා නිතිපතා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය.
මෙහිදී රොයිටර් පුවත් සේවය විමසා සිටියේ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, චීනය ඇතුළු ශ්‍රී ලංකාවට ණය දුන් සියලුම රටවලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක්ද යන්නයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ විසඳුම් සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමේදී අදාළ මූල්‍ය ආයතනවලට චීනය සහාය දක්වන බවයි.
ඒසේම වර්තමාන දුෂ්කරතාවලට සහ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරයට අඛණ්ඩව සහය දැක්වීම සඳහා සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවයි.