චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ රුපියල් බිලියන 2කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ඊයේ (06දා) කොළඹ වරායට රැගෙන විත් තිබේ.
කන්ටේනර් 24ක් තුළ මෙට්‍රික් ටොන් 255ක් බරැති මෙම අත්‍යාවශ්‍ය ඖෂධ තොගය ඇසුරුම් කර තිබුණි. මෙම ඖෂධ තොගයත් සමගින් චීනය මේ වසරේ ජුනි මාසයේ සිට ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධවල වටිනාකම රුපියල් බිලියන 5 ඉක්මවා තිබේ.

