මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ , මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සදහා රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් 12/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
බෝයිං 747 - 400 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය 12/08 දින උදෑසන 10.47 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 84,525 ක් බරැති ජීවිතාරක්ෂක කබා , කූඩාරම් , බ්ලැන්කට් සහ ඇද ඇතිරිළි තොගයක් තිබුණි .
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
