ආණ්ඩුව බරපතළ ආර්ථික අමාරුකම් මැද්දේ සිටින බවත් අද රටේ දැඩි ආහාර අර්බුදයක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.
චීන රාජ්‍යයේ දායකත්වයන් මත පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේ ගොවි පවුල් පන්සීයයක් සඳහා පොල් පැළ කොස් පැල සහ අඹ පැළ ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවති උත්සව අවස්ථාවේදී මේ බව පවසා සිටියේය.
ශ්‍රී ලංකා චීන තානාපතිවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙහිදී පැල බෙදා දුන් භූමියේ පැළ රෝපණය කිරීමට ද එක් විය.
"මේ රටේ තිබෙන ආහාර අර්බුදය,ජීවන වියදම ඒ වගේම උහුලන්න බැරි බඩුමිල ජනතාව ඉතාමත් පීඩාකාරී ලෙස පෙනෙනවා. ඒ වගේම රෝහලකට ගියපු වහාම ඖෂධ නොමැතිකම ඒ වගේම ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් පවුල් පිටින් මේ ලංකාව දාලා පන්සීයකට වැඩි පිරිසක් ගිහින් තියෙනවා ගිය අවුරුද්ද තුළ මම පොලොන්නරුවේ මහ රෝහල වකුගඩු රෝහල ඇතුළු ප්‍රාදේශීය රෝහල් සියල්ලම හැදුවා.
අද අපිි දන්නවා අපිට තියෙන අමාරුකම් ජීවන වියදම සහ ප්‍රශ්න පිළිබඳව. අපි හැමවෙලේම මේ ප්‍රශ්න කතා කරනවා. නමුත් ආණ්ඩුවත්බ රපතළ ආර්ථික අමාරුකම් මැද්දේ ඉන්නේ මම ඒගැන විශේෂයෙන්ම විග්රහ කරන්න යන්නෙ නෑ නමුත් අන්තර්ජාතික වශයෙන් මම ජනාධිපති ධුරය දරන කාලයේ කිසිම භේදයක් නැතිව ලෝකයේ සියලුම රටවල් යුරෝපයද ඇමෙරිකාවද චීනය ද ඉන්දියාව ද රුසියාව ද ඇතුළු අනෙකුත් රටවල් හැම එකක්ම අපිට උදව් කෙරුවා.
ඒ රටවල් එක්ක මම හොඳ විදේශ සම්බන්ධකම් පවත්වාගෙන ගිය හින්දා පසුගිය කාලයේ තමුන්නාන්සේලා දන්නවා රටේ වෙච්ච සිදුවීම් ඒ තත්වයන් තුළ අපේ රට අද හුඟක් අමාරු කම් වලට ලක් වෙලා තිබෙනවා.ඉතින් ඒ අතරතුර අපට පුළුවන් වගකීමක් ඉටු කිරීම තමයි අප බලාපොරොත්තු වෙන්නේ."


