චීනයෙන් තවත් කොවිඩ් එන්නතක්
බීජිං (ෂින්හුවා)-චීනයේ ක්ලෝවර් ජෛව ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද නව කොවිඩ් -19 එන්නත COVID-19 ට එරෙහිව සියයට 67 ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සියයට 79 ක් සාර්ථකත්වයක් පෙන්වන බව සායනික පරීක්ෂණයකදී ඔප්පු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මීට අමතරව, අත්හදා බැලීමේදී කොවිඩ් 19 වෙනුවෙන් මධ්‍යස්ථ සිට බරපතල දක්වා වූ අවස්ථාවන්ට එරෙහිව 83.7 ක් ඵලදායීතාවත් හා ඩෙල්ටා හේතුවෙන් ඇති වූ මධ්‍යස්ථ සිට බරපතල අවස්ථාවන්ට එරෙහිව සියයට 81.7 ක් ඵලදායී බවද එම පුවත් සේවය පවසයි.
මෙම එන්නත රෝහල් ගත කිරීම සහ COVID-19 හේතුවෙන් ඇති වූ දරුණු අවස්ථා වලට එරෙහිව සියයට සියයක්ම සාර්ථක බව එහි සඳහන් වේ.
“චීන සමාගම 2021 සිව්වන කාර්තුවේදී කොන්දේසි සහිතව අනුමැතිය ලබා ගැනීම සඳහා අත්හදා බැලීමේ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ චීනයේ සහ යුරෝපයේ නියාමකයින්ට ඉදිරිපත් කරනු ඇත" යනුවෙන් වාර්තාව තවදුරටත් පැවසීය.
ක්ලෝවර් නිල වෙබ් අඩවියට අනුව පිලිපීනය, බ්‍රසීලය, කොලොම්බියාව, දකුණු අප්‍රිකාව සහ බෙල්ජියම යන රටවල නගර 31ක 30,000 කට අධික සංඛ්‍යාව යොදාගෙන මෙහි සායනික අත්හදා බැලීම් සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

