ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල් තොග චීනයෙන් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
මේ අනුව චීනයෙන් ඩීසල් නැව් ගත කිරිමක් නොවැම්බර් මස අග වන විට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අබුඩාබි හි පැවති කර්මාන්ත සමුළුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.