චීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ගුණත්වයෙන් ඉහළ මෙන්ම තත්ත්ව සහතික ලත් සහල් තොගයක් බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා පවසයි.
චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ ප්ලාස්ටික් සහල් තොගයක් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
චීනයේ COFCO සමාගම මෙම සහල් තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාක කර තිබේ. කොෆ්කෝ සමාගම චීන රජයට අයත් චීනයේ විශාලම ආහාර සකස් කිරීමේ, නිෂ්පාදනය කිරිමේ හා වෙළඳාමේ නිරත සමාගම වෙයි.
බීජින් නුවර සිට ක්‍රියාත්මක මෙම සමාගම ආසියාවේ විශාලම කෘෂිව්යාපාරයක්ද වෙයි.