චීනයට අවශ්‍ය පිරිසක් ලංකාවෙන් පිටුවහල් කරයි
චීන රජයට අත්‍යාවශ්‍යව සිටි චීන ජාතිකයන් 37 දෙනෙකුගෙන් යුතු පිරිසක් , ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ , මීගමුව ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී , ඉකුත් 04/21 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අතර , ඔවුන් 05/04 දින රාත්‍රී මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .
මොවුන් පිළිබද ආගමන විගමන පාළක ජනරාල්වරයා වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි .මෙම චීන ජාතිකයන් අතර 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් වන අතර ඉතිරි 31 දෙනා චීන ජාතික පිරිමි පුද්ගලයෝ වෙති .
මොවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුවත් කිරීම් සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පියවර ගෙන තිබූ අතර , එහි ප්‍රතිඵලයක් ලෙස මෙම චීන ජාතිකයන් පිරිස , චීනයට අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයන් පිරිසක් (Wanted Person ) බව එරට රජය විසින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .
ඒ අනුව ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 11 දෙනෙකු සහ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් , 05/04 දින මෙම චයිනා ඊස්ටන් ගුවන් යානයෙන් , කටුනායක ගුවන් තොටුපොළ වෙත එවීමට චීන රජය පියවර ගෙන තිබුණි .
ඉන්පසුව මෙම චීන ජාතිකයන් පිරිස පොලිස් විශේෂ කාර්යය බළකායේ දැඩි ආරක්ෂාව යටතේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , 05/04 දින රාත්‍රී 10.50 ට චීනයේ කුංමිං නුවර බලා , චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන විශේෂ ගුවන් යානයෙන් රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
