කොළඹ වරාය නගරයේදී චීන ජාතික පිරිසක් විසින් 2026.07.23 දින චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු 2026.09.04 වන දින කොළඹ වරාය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 54 ක් වන චීන ජාතිකයෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.