චිකන්ගුන්යා සහ ඩෙංගු යන රෝග සම්බන්ධයෙන් නිවැරදිව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
“අද වන විට අපිට ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නයක් විදියට වර්ධනය වෙමින් පවතිනවා ඩෙංගු සහ චිකන්ගුන්යා යන රෝගවල. උණ රෝගී තත්ත්වයක් ඇති වුණෝතින් අපි ජනතාවට උපදෙස් දීලා තියෙන්නේ වෛද්‍ය උපදෙස් ගන්න කියලා. මේ රෝග දෙකේ එකම රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. චිකන්ගුන්යා ලෙස ප්‍රතිකාර දුන්නොත් ඒක ඩෙංගු රෝගය උත්සන්න වෙන්න බලපානවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ අවස්ථාවේ නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා දීම හරි වැදගත්. ”