මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇත්දැයි යන්න පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව විසින් වාර්තාවක් කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස ආවරණය වන පරිදි ජංගම මුර සංචාර ක්‍රියාත්මක කරන බවත් ඔහුගේ නිවසට ප්‍රහාරය එල්ල වූ දිනයේ අලුයම 12.45ට පමණ ඔහුගේ නිවසේ ගේට්ටුවේ පිහිටුවා ඇති පොලිස් පොතේ පොලිස් සටහන් තබා ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.