මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වි. කැමරා සියයකට අධික සංඛ්‍යාවක දර්ශන පරික්ෂා කළ ද වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 14 දින දින අලුයම් කාලයේ දී සුදු පාටට හුරු වෑන් රථයකින් පැමිණ තිබූ සිව්දෙනකු යුත් කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබිණ.
එම ප්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ,සහ පිළියන්දල , සහ කැස්බෑව පොලිසි වල ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන කණ්ඩායම් දෙකට අමතරව ගල්කිස්ස කොට්ඨාසයට අනුක්ත බුද්ධි අංශ නිලධාරීන් පනහකට ආසන්න ප්‍රමාණයක්ද යොදවා ඇතැයි එම නිලධාරියා කීය
සිදුකළ ප්‍රහාරයෙන් අනතුරුව සැකකරුවන් පැමිණි බවට සැක කරන සුදු පාටට හුරු සුඛෝපභෝගී මෝටර් රථය කොහුවල දෙසට අධික වේගයෙන් ගමන් කරන අයුරු සහ ඒ පිටුපසින් යතුරුපැදියක් ද ධාවනය කරන අයුරු සටහන්ව තිබෙන බව පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් නිලධාරියෙක් පැවැසීය
වාහනව අධික වේගයෙන් ධාවනය කිරීමත්, එම මෝටර් රථයට සහ යතුරු පැදියේ ලියාපදිංචි අංක වලට සෙසු වාහන වල විදුලි ආලෝකධාරා ව පතිත වන බැවින් එම වාහන දෙකේ ලියාපදිංචිය අංකයන් නිසි අයුරින් පැහැදිලි නොවන බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත
ඊට අමතරව එම මැර කණ්ඩායම අසූචි රැගෙන පැමිණි මුට්ටිය සහ එල්ල කිරීමට යොදාගත් බිම් ඇතුරුම් ගල් කොටස් හරහා ද වෙනම විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය කියයි
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වූ කාලය තුළ සංවාදයේ යෙදුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද ඒ ආසන්නයේ පිහිටි දුරකථන කුළුණු හරහා විමර්ශන ද පැවැත්වෙන බව එම නිලධාරියා කීය.