මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දළ පොලීසියට පැමිණියාය.
මීට පෙර ඇයට පසුගිය 23 දා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණත් යොදාගත් රාජකාරියක් හේතුවෙන් එදිනට පැමිණිය නොහැකි බව ඇය සිය නීතිඥවරු මාර්ගයෙන් පොලීසිය දැනුවත් කළේය.
ඒ අනුව නැවතත් අද දිනයේදී පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන දෙන ලෙස පොලීසිය කළ දැනුම් දීම අනුව ඇය මෙසේ සිය නීතිඥවරුන් සමග පොලීසියට පැමිණ තිබේ.