චමුදිතගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳව හිරු නාළිකාව වෙත අදහස් දැක්වා ඇති චමුදිත ප්‍රකාශ කරන්නේ අද අලුයම දෙකට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
මුලින්ම විශාල ශබ්දයක් ඇසුණ බවත් ඒ අනුව විශාල ගල්වලින් ප්‍රහාර එල්ල කර ඇති බව දැනගත් බවත් ඔහු පැවැසීය.
නිවසින් දුර්ගන්ධයක් හමන විට අසූචි ප්‍රහාරයක්ද එල්ල වී ඇති බව දැනගත් බවත් චමුදිත පවසයි.
ආයුධ සන්නද්ධව පැමිණි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඔහු පැවැසීය.
“
popular news
-
Deepal Nirosh Monday, 14 February 2022 05:35 AM
ඕනම ක්‍රියාවකට ඒ හා විශාලත්වයෙන් සමාන මෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තිබෙන බව කියන නිව්ටන්ගේ තුන්වන නියමය සාමාන්‍ය පෙළදි ඉගෙන ගත්තෙ නැද්ද? ඔය වැඩ සටහන්වල දි අන්න ඒ නිසා තමුන්ගෙ බලය පෙන්වන්න යන්නෙ පරිස්සමින්. පැමිණිලිවල අවසාන ප්‍රතිඵලය නම් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමයි.
Reply : 2 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

