මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සිය විරෝධය දක්වමින් සිටියි.
ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රහාරය හෙළා දකින බවයි. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් ගිනුමෙන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට තමන් දැනුම් දුන් බවයි.
එසේම සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා චමුදිතගේ නිවසට පැමිණ මෙම ප්‍රහාරය නිරීක්ෂණය කළේය.


