බදුල්ල දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජානක තිස්ස කුට්ටිආරච්චි සහ එම දිස්ත්රික්කයේ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි යන මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්රධාරීවරයාට උපදෙස් දුන්නේය .
ඒ අනුව ඔවුන් දෙදෙනා ඉවත් කිරීමට වේත්රධාරී නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
මන්ත්රීවරුන් දෙදෙනා අතර වූ උණුසුම් බහින්බස්වීමක් සිදු වූ නිසා, කතානායකවරයා ඔවුන් දෙදෙනා අද දිනයේ කටයුතුවලින් ඉවත් කෙරිණි.