ගම්පහ දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රි නිමල් ලන්සා මහතාට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජයසිරි මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
ඒ අනුව පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වූ අතර අද දිනයේ පැවැත්වෙන සභා වාරය සඳහා මන්ත්රී චමින්ද විජයසිරි මහතා සහභාගී කර නොගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නේය.