පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ රඹුක්කන චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රඹුක්කන, නාරන්බැද්දේදී සිදුකිරීමට නියමිතය.
මේ වන විට ප්‍ර දේශයේ ආරක්ෂාව සඳහා පොලීසිය මෙන්ම හමුදාව කැඳවා ඇතිි බව වාර්තා වෙයි. චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පෙරේදා රාත්‍රියේ ඔහු පදිංචිව සිටි නිවසට ගෙන එනු ලැබීය.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ පාර්ශ්ව පැමිණෙමින් සිටියි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී දේහයට අවසන් ගෞරව දැක්වීය.
