ශ්රී ලංකාවට පැමිණන චීන සංචාරකයන්ට පහසුවෙන්ම විද්යුත් වීසා ලබාගැනීම වෙනුවෙන් නියෝජිතයාතනයක් ෂැංහායි නුවරදී ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
චීන සංචාරකයන්ට ලංකාවට පැමිණීමේදී ඇතිවන භාෂාමය ඇතුළු අනෙකුත් ගැටලු අවම කිරිම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
සම කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ෂැංහායි නුවර ඉන්ටර්නැෂනල් ට්රැවල් සර්විස් ආයතනය මෙසේ නියෝජිතායතනයක් ලෙස පත්කර ඇති බවයි.