චීන බැංකුව ඩොලර් මිලියන 300 ක ණයක් දීමට ඉදිරිපත්වෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරිමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමිමට ජාත්‍යන්තර ආයතන කටයුතු කිරීමත් සමග විදේශීය මුදල් සපයා ගැනීමේ අපහසුතාවක් ඇති හෙයින් මෙම ණය පහසුකම ලබාගැනීමට ශ්‍රී ලංකාවේද අවධානය යොමුව ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

popular news
-
Champa Tuesday, 15 January 2019 01:54 PM
මත්තලත් දැන් ඕනේ රටකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලෝකේ කිසිම රටක් නොදෙන විදිහේ නිදහස් අහසක් දීල තියෙනව. තවත් නම් ණය ගන්න collateral විදහට තියන්න ඉතුරු වෙලා තියෙන්නේ රටටත් වඩා වටින දාගැබ් ටිකයි, තවමත් ඉතුරු වෙලා තියෙන පුරා වස්තු ටිකයි, සීගිරියයි, දළදා වහන්සේයි, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේයි, ශ්‍රී පතුලයි, කතරගම දේවාලෙයි විතරයි. ඉඩකඩම් ටික පිටරැටියන්ට දීල ගම්බාර දෙයියොත් දැන් අවතැන් වෙලාද කොහෙද. තවත් ලංකාව පාවල දෙනවා නම් කඩවරය උඩ බලා ඉඳල හරි යන එකක් නැහැ.
Reply : 0 6
Champa Wednesday, 16 January 2019 02:49 AM
ඕ, මේක දැන් තමයි කියැව්වේ. මත්තල කතාව එන්න ඕනේ මෙතනට නෙමෙයි. විද්දේ පඳුරට වැදුනේ හාවට වැඩක් තමයි මගේ මේ මත්තල කෑල්ල. ඒක මෙතනට අදාල නැහැ. ඒ මොකොද මගේ comment එකේ මුල කෑල්ල මගේ අතින් හැලිලා. පත්තර බලන කොට සමහරnews දැක්ක ගමන් කේන්ති යනව. ඒ හින්ද මෙතන කෑල්ලක් අඩුයි මත්තල කතාවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

