විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේදී පොදුවේ පරීක්ෂා කර බලන අතර , චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය .
චීනයේ බෙයිජිං , ග්වැන්ෂෝ , චෙංඩු සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වල සිට පැමිණෙන ගුවන් මගීන් , වෙනම ගුවන් මගී පර්යන්තයක් ඔස්සේ , ගුවන් තොටුපළ වෙත ඇතුළු කරගන්නා අතර , ඉන්පසුව එම ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ.
එහිදි එම ගුවන් මගීන්ගේ සිරුරු වල උෂ්ණත්වය මෙන්ම අනෙකුත් කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ ද නිරීක්ෂණය කෙරේ .
එම පරීක්ෂා කිරීම් සදහා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු ද සහභාගී වි සිටිති .
මෙම පරීක්ෂා කිරීම් වලදි , කොරෝනා වෛරස සහිත රෝග ලක්ෂණ ඇති ගුවන් මගීන් අනාවරණය වුවහොත් , ඔවුන් අංගොඩ උණ රෝහල වෙත කඩිනමින් යැවීමට ගිලන් රථ ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ සූදානමින් තබා තිබේ .
චීනය සහ ශ්‍රී ලංකාව අතර චීනයට අයත් ගුවන් සමාගම් ද , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ද මෙහෙයුම් කටයුතු සිදු කරති .
මෙම ගුවන් තොටුපළ වල සිට දිනපතා ගුවන් යානා හතරකින් , ගුවන් මගීන් දහසකට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලබති .
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_66ce5b342d.jpg)